වගා ආරක්ෂාවට ගිනි අවි 13207ක් නිකුත් කරලා


වගාවන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවීන් වෙත 2024 දෙසැම්බර් 31වැනිදා වන විට ගිනිඅවි 13,207ක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එම ගිනිඅවි සඳහා භාවිත කරනු ලබන බෝර 12 එස් ජී පතරොමක මිල 2024 දෙසැම්බර් 01වැනිදා වන විට රු.500.76ක් වූ බවද මෙහිදී අනාවරණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත. 

දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් විසින් 30%ක ලාභ ප්‍රතිශතයක් යටතේ බෝර 12 එස් ජී පතරොමක් අලෙවි කළ බවත්, ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ගොවීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් 30%ක ලාභ ප්‍රතිශතය 2024 දෙසැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 20%ක් දක්වා අඩු කළ බවත් මෙහි සඳහන් කර තිබේ.

පසුගිය වසර 03ක කාලය තුළ ඇති වූ විදේශ විනිමය අර්බුදය (ඩොලර්) හිඟතාවය හේතුවෙන් රටේ ඩොලර් සංචිත හිඟවීහ හා වැට් බදු අයකිරීමේ ප්‍රතිශතය වැඩිවීම තුළින් පතරොම් ප්‍රසම්පාදනයේදී වැඩි පිරිවැයක් දැරීමට සිදු වූ බවත්, සෑම පුපුරන ද්‍රව්‍යයකම පෙර තිබූ මුදලට වඩා තුන් ගුණයකින් මිල ඉහළ ගොස් ඇති බවත් පිළිතුරේ සඳහන් කර ඇත.

ඒ අනුව ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් විසින් පතරොම් අලෙවි කිරීමේදී තබාගත් 30%ක ලාභ ප්‍රතිශතය ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් 20%ක් දක්වා අඩු කර ඇති අතර, ඒ අනුව බොර් 12 එස් ජී පතරොමක නව මිල රු.500.76ක් ලෙස අඩු වී ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. 



Recommended Articles