ලොකු ලුණු මිල ඉහලට


දේශීය ලොකු ලූණු   කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසියය දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක  තොග  ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා 20 දින පෙරවරුව වන විට  ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වැරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ යෑමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

 ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 20 දින උදෑසන   දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් තුන්සිය අසූවත් හාරසීයත්  අතරි තොග මිලක්  පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

 විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට   දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බව ජනතාව ආර්ථික  මධ්‍යස්ථානය තුළදීම පෙන්වා දෙන ලදී.

  මිල  පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී  ලූනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බව පිළිගැනීම විශේෂත්වයකි.

 විදේශීය රට වලින් ලොකු ලූණු ගෙන්වන ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩා සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගෙන් ලූණු මිල ඉහළ යෑම පිළිබඳව විමසීමේදී කියා සිටියේ විදේශ රටවලින් ගෙන්වන ලොකු ලුණු සීමා වී ඇත්තේ එම රටවලද නිෂ්පාදනය අවම වීම නිසාවෙන් බවය.

කෙසේ වෙතත් පාකිස්ථානය සහ ඉන්දියාවෙන් තවත් මාස කිහිපයක් ගතවෙද්දී ලොකු ලූණු අස්වනු නෙළීම ආරම්භ කිරීම සිදුවන බවය, ඒ අනුව තව මාසයක් පමණ ගත වෙද්දී විදේශීය ලොකු  ලුණු මිල පහත යනු ඇති බව විශ්වාසය පළකරති.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූණු සහ විදේශිය ලොකු ලුණු මිල මෙතරම් සීඝ්‍රයෙන් ඉහළ යද්දී  පාරිභෝගික ජනතාවට ලොකු ලුණු කිලෝවක් රුපියල් පන්සියය ත්  600 ත් අතර මිලකට අලෙවි වනු ඇති බව තොග ව්‍යාපාරිකයෝ වැඩිදුරටද පෙන්වා දුන්හ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් .සිරිවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහුද කියා සිටියේ  මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මකභාවයෙන් ඇති ලූණු නොමැති වීම නිසා හොඳ ලූණුවලට ඉහළ ඉල්ලුමක් පවතින බවය.

 ඒ අනුව දේශීය ලොකු ලුණු කිලෝවක් රුපියල් තුන්සිය අසූව තුන්සිය අනූව සහ 400 යන මිල ගණන් යටතේ අලෙවිවෙන බවත් ඉදිරියේදී මිල යම් මට්ටමකින් තවදුරටත් ඉහල යා හැකි බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් යද්දී විදේශ රටවලින් ලොකු ලුණු ඇනවුම්කර තිබෙන බවත් ඒවා ලැබෙද්දී මිල පහත වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.



Recommended Articles