ලේකම් පිළිබඳව ගැටලුවලින් පක්ෂ හයකට මහ මැතිවරණය අහිමි වෙයි


ලේකම් ධුරයන් පිළිබඳව පවතින ගැටළු හේතුවෙන්  පිළිගත් දේශපාලන පක්ෂ හයකට මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට  නාම යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ,එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ලංකා පොදුජන පක්ෂය ,එක්සත් ලංකා මහ සභා පක්ෂය ,ලංකා ජනතා පක්ෂය සහ   ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ යන පක්ෂවලට  1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ   පිළිගත් දේශපාලන පක්ෂයන් ලෙස ඉදිරි නොවැම්බර් 14 දින    පැපැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

  මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට  සුදුසුකම් ලබා ඇති දේශපාලන පක්ෂ 77 ක නම් හා ඒවායේ ලේකම්වරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙම ගැසට් නිවේදනයෙන්  ප්‍රකාශයට පත්කර තිබේ.

ජේ.ඉඳුරුවගේ 



Recommended Articles