ලියාපදිංචි කළ නොහැකි නීතිවිරෝධී යතුරුපැදි 4ක් හා තවත් යතුරුපැදි 6ක කොටස් අල්ලයි


වෙන්නප්පුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක රහසිගතව අලවිය සඳහා තිබූ මෙරට ලියාපදිංචි කළ නොහැකි යතුරුපැදි 4ක් සහ තවත් එකලස් කිරීමට සුදානම්ව තිබූ යතුරුපැදි 6ක කොටස් පුද්ගලයෙකු සමග අද 31අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  මෙම යතුරුපැදි වල ඇන්ජින් ධාරිතාවය 500සීසී අගය ඉක්මවා ඇතිහෙයින් මෙරට ලියාපදිංචි කළ නොහැකිබව පොලීසිය පවසයි ඒ අනුව මෙම යතුරුපැදි වෙනත් ලියාපදිංචි යතුරුපැදිවල අංක තහඩු යොදාගන නීතිවිරෝධී ලෙස මෙරට ධානයෙහි යොදවන බව පොලීසිය පවසයි.

මෙම යතුරුපැදියක වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වන අතර මෙම යතුරුපැදියක්  රුපියල් ලක්ෂ 21ට අලවි කරඇති බව පොලීසිය සිදුකළ  විමරෂණ වලදී තහවුරුකරගෙන ඇත.

මෙම ජාවාරම කළක සිට සිදුකරගෙන ගොස් ඇති අතර මෙතෙක් බාහිරට දමා ඇති යතුරුපැදි පිළිබඳව සෙවීමටද පොලීසිය විශේෂ විමරෂණයක් ආරම්භ කර ඇත.

මෙම යතුරුපැදි වල කොටස් ජපානයේ නිෂ්පාදනය කරඇති අතර ඉතාලියේ සිට මෙරටට ආනයනය කරඇති බවට පොලීසිය සැකකරයි.

ලලිත් නවරත්න

 



Recommended Articles