ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ති​බේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520 ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටියි.



Recommended Articles