ලිට්‍රෝ ගෑස් මිල පහළට


ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561කි.

 



Recommended Articles