ලිට්‍රෝ ගෑස් මිල ඉහලට


ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5දා) පෙරවරුවේ පැවසීය. මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.

මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61 කින් ද, ඉහළ දමා තිබේ.

මෙම මිල වැඩිවිම අද (5) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
 



Recommended Articles