ලාංකිකයන් 91ක් ගුවන් යානා හතරකින් කටුනායකට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙයින් පළමුව කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා එරට රැදී සිටි  ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු පැමිණියේය.

ඉන් අනතුරුව අබුඩාබි සිට එක් ගුවන් මගියෙකු ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පැමිණියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් ගුවන් යානයකින්  මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු පැමිණියේය.ඉන් අනතුරුව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු මාලදිවයින් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායකට  පැමිණියේය.

මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කෙරිණි.

 



Recommended Articles