ලාංකිකයන් 794ක් දිවයිනට


කටාර්, එක්සත් අරාබි එමීර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල  රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 764 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ රාත්‍රී හා අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙයින් කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලාංකිකයන් 470 ක් ද , ඉතිරි 294 දෙනා මත්තල ගුවන් තොටුපළ වෙත ද පැමිණ තිබුණි .

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් සිට මගීන් 39 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් මගීන්  ශ්‍රී ලාංකිකයන් 413 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ වෙත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 294 දෙනෙකු පැමිණ තිබුණි.



Recommended Articles