ලාංකිකයන් 494ක් දිවයිනට


විදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 34 දෙනෙකු රැගෙන ඩුබායි සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකු අද අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඊයේ රාත්‍රී 11.15 ට ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයක් මස්කට් නුවර සිට  මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද අලුයම 5.20 ට එක්සත්  අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර තිබේ.



Recommended Articles