ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය වෙයි


ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මකවන නඩු කටයුතු සමතයකට පත්කර ගැනීම, නව ඉන්ධනහල් ඉදිකිරීමේකටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

 



Recommended Articles