මාතලේ ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක සිදුකරන ලද කෝටි හතක මැණික් හා මුදල් ස්වර්ණාභරණ මංකොල්ලකෑමට අදාළව සැලසුම සිදුකල භික්ෂූන් වහන්සේ නමක් සමග සැකකරුවන් 10 දෙනෙකු හා මුදලින් රුපියල් ලක්ෂ 23 ක් මැණික් ස්වර්ණාභරණ මුදල් සමග අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ හිමිනම මාවතගම මකුලාන ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි අයකි , අනෙත් සැකකරුවන් මාවත, දඹුල්ල ,විල්ගමුව, පොල්පිතිගම, කුරුණෑගල ,බේරුවල ප්‍රදේශයේ පදිංචි කරුවන්වන අතර සිද්ධියට අදාළ සැකකාර භික්ෂූන් වහන්සේ මාවතගම ප්‍රදේශයේ රජ මහා විහාරයක වයස අවුරුදු (42) භික්ෂූන් වහන්සේ නමක් වන බව පොලිසිය කියයි.
සැකකරුවන් කොල්ලය සදහා යොදාගත් බව කියන වෑන් රථයක් සෙල්ලම් පිස්තෝල 2 ක් සොයාගෙන ඇත. සැකකාර හිමි නමගෙන් ප්‍රශ්න කරද්දී මේ ආකාරයටම පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකු බැද නිවසේ තිබු කිලෝ 60ක් පමණ බරැති බුදු පිළිම වහන්සේ නමක්ද සොයා ගත් බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ් මහතා පැවසිය
2024.11.10 වන දින ලග්ගල දේවාලදෙනිය ප්‍රදේශයේ සුසන්ත කුමාර අත්තනායක පොඩි රෝහණ ජෙම්ස් යන අයගේ නිවසට පැන පිස්තෝල පෙන්නා නිවසේ සිටි පිරිස බය කර අත් පා බැඳ නිවසේ තිබූ රුපියල් කෝටි හයක් හා රුපියල් විසිහත් ලක්ෂයක මුදල් මැණික් ගල් කීපයක් හා රත්තරන් කොල්ලකෑ බවට ලග්ගල පොලිසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක විය.
ඒ අතරතුරදී ස්ථානාධිපති වරයාට තොරතුරක් ලැබී තිබුනේ සැකකටයුතු වෑන් රථයක් දින දෙකක කාලයක් ලග්ගල ප්‍රදේශයේ සරි සැරූ බවය .ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පරික්ෂා කොට මෙම ජාවාරම් කරුවන් ගැන තොරතුරු හෙළිදරව් කරගෙන ඇත
සිදු කරන ලද විමර්ශනයේදී අදාළ සැකකරුවන් සමඟ මංකොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 23 ක් මැණික් ගලක කොටස් කිහිපයක් පවුම් හතක රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට් පත් ප්ලාස්ටික් පිස්තෝල දෙකක් වෑන් රථයක් හා අත් ආවරණ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාල සැකකරුවන් හා අත්අඩංගුවට ගත් භාණ්ඩ නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ලග්ගල පොලිසිය මගින් සිදු කරනු ලබයි.