ලක්ෂ 364ක මත්ද්‍රව්‍ය සමග බ්‍රිතාන්‍ය ජාතික කරාතේ ගුරුවරයෙක් කටුනායකදී අල්ලයි


රුපියල් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා "හෂීෂ්'' සහ "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයෙකු 01/21 දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු උතුරු අයර්ලන්තයේ වාසය කරන 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු එරට කරාතේ සටන් ශිල්පය උගන්වන ගුරුවරයෙකි .

ඔහු 01/21 දින දහවල් 11.06 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ "හෂීෂ්'' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 370 ක් සහ " කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 908 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති පුද්ගලයෙකු බව , ඔහුගේ ගමන් බලපත්‍රය ඇසුරෙන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා 01/21 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර 01/27 දින දක්වා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .



Recommended Articles