ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි


රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක් තීරු බදු නොගෙවා ,කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 02/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 42 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු 02/02 දින පස්වරු 02.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙසේ විස්කි බෝතල් තොගය සමග ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි  ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන ඔහුගේ  අත් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර 19 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙම ඉන්දීය ජාතිකයා සමග විස්කි බෝතල් තොගය සහ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ද 02/03 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු 02/06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .



Recommended Articles