ලක්ෂ 117ක නිතිවිරෝධී සිගරට් කටුනායකින් පන්නන්න බැරිවෙයි


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික  මවක සහ දියණියක 11/09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය . ඇයගේ දියණිය 38 හැවිරිදිය.

මොවුන් දෙදෙනා 11/09 දින පස්වරු 05.00 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ " ප්ලැටිනම්'' වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 391 ක් සගවා ගෙන තිබී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර , ඔවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ දුම්වැටි තොගය  එළඹෙන 11/13 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles