ලංවිම සේවකයන්ට මේ වසරේදී බෝනස් නෑ


විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සමංගමය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේදී ලබා ඇති ලාභය අනුව සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීමක් කර තිබුණද විදුලි බල මණ්ඩලය ලබා තිබූ ලාභයෙන් විශාල කොටසක් ණය ආපසු ගෙවීමට හා විදුලි බිල අඩු කිරීමට යොදවා තිබීම හේතුවෙන් මෙවර ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.‍ෙ

අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට මේවන විටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවසන් තීරණයක් ගෙන ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී  ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙසත් රුපියල් බිලියන 41ක් මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යොදවා ඇති බවත් වාර්තා වෙයි.

 



Recommended Articles