ශ්‍රී ලාංකික මහාචාර්යයවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නවෝත්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකතන යෙදුමක් ඩොලර් මිලියන 179කට අලෙවි වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.
මෙම ජංගම දුරකතන යෙදුම නිර්මාණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිදයාලයේ සහාකාර මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන උදන්ත අබේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින්.
යමෙකුගේ කැස්සකට සවන් දීමෙන් ඔහු හෝ ඇය කොවිඩ් 19 ආසාදිතද යන්න බව මෙම යෙදුම හරහා සොයා ගැනීමට හැකියාව තිබේ. ඒසේම ඊට සමාන තවත් ස්වශන රෝගද හඳුනා ගැනීමේ හැකියාව මෙම දුරකතන යෙදුමට හැකියාව පවතී.
මෙම යෙදුම ඇමෙරිකාවේ ෆයිසර් සමාගම විසින් මිලදි ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 179ක වියදමකිනි.
රෝග ලක්ෂණ සහිත රෝගීන් අතර වෛරසය හඳුනාගැනීමේදී යෙදුම සියයට 92 ක සාර්ථකත්ව අනුපාතයක් ඇති බව මෑත අධ්‍යයනයන් පෙන්වා දී ඇත. මෙම දුරකතන යෙදුම මිලදි ගැනීම අද දිනයේදී අවසන් කර තිබේ.