ලංකාවේ දිනකදී කළ වැඩිම PCR පරීක්ෂණ ඊයේ


කොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමෙන් පසුව දිනක් තුළ ශ්‍රී ලංකාවේ කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (14දා) සිදුකර තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ දිනය තුළදී ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 9974ක් සිදුකර ඇති බවයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.අර්. පරීක්ෂණ සමස්තය 348 909කි.



Recommended Articles