ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ විය යුතුයි


රටවැසියන් තවමත් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින බවත්, තම වැඩපිළිවෙළ සම්පූර්ණ නොකළහොත් රට තවත් දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව IMF සහතිකයක් මත රඳා පවතින බවද ඔහු පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (23දා) නිවේදනයක් නිකුත් කළ අතර, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වර්ෂ 2055 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ළඟා කර ගැනීමේ ඉලක්කය අනුගමනය කළ යුතු බවයි.

ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බවද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බවත්, ඉහත ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයේ දස ගුණයක වර්ධනයක් වාර්තා කළ යුතු බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතු බවද පෙන්වා දෙයි.

2022 - 24 තමන්ගේ  ධුර කාලය තුළ දකුණු ඉන්දියාව කෙරෙහි අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතා යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියාව සමග ආර්ථික සහයෝගීතාවයට අදාළ මාර්ග කිහිපයක්ම ගවේෂණය කළ බවද සඳහන් කරයි.

මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කනගාටු වන බවත්, අදාළ පාර්ශ්වකරුවන්, ඉන්දීය ආයෝජකයන් ඇතුළු ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාවලිය මගින්  දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් යන්නත් සඳහන් කරයි.

අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා මෙය බාධාවක් වනු ඇති බවත්,  ගැන සිය කනස්සල්ල පළ කරන බවත්, තමාගේ රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිබ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.



Recommended Articles