ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 150000ක් සිදුකර තිබුණත් මෙහිදී පුද්ගලයන් 150000ක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති බවට අදහස් නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මේ වන විට පුද්ගලයන් 40000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර ඇති බවයි.
ඉදිරියේදි පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත් සෑම දිස්ත්‍රික්යක්ම ආවරණය වන පරිදි මාසයකට පී.සී.ආර්. පරීක්ෂණ 37000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී දිස්ත්‍රික් කෝටාවක් අනුව පරීක්ෂණ කරන බවත් අවධානම් අධික කාණ්ඩවල අහඹ පී.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.