ලංකා හොස්පිටල් හා ටෙලිකෝම්හි කොටස් විකිණීමට කැබිනට් අනුමැතිය


ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්  සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට්  අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.

මෙම කොටස් විකිණීම සම්බන්ධයෙන් වන තීරණය අදාළම සමාගම් ද්විත්වය විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා තිබේ.



Recommended Articles