ලංකා කම්කරු කොන්ග්‍රසය ප්‍රතිසංවිධානය කිරිමට යයි


ලංකා කම්කරු කොන්ග්‍රසය ප්‍රතිසංවිධානය කර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතනවල බලය ලංකා කම්කරු කොන්ග්‍රසය සතු කර ගැනිමට ජාතික සභාව (11) දින තිරණය කල බව එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

කනපති කනගරාජ් මහතා ඒ බැව් කියා සිටියේ එම පක්ෂයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් (11) දින හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති ජාතික සභාවේ ගත් තිරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කනපති කනගරාජ් මහතා කියා සිටියේ තම පක්ෂය ලබන වසරේ ජනවාරි මස ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන බවත්, එහිදි පක්ෂ නායකත්වය හැර අනෙකුත් නිලයන් වෙනස් කර ඒ සදහා තරුණ කණ්ඩායම් පත් කර, එම කණ්ඩායම් වල අදහස් ලබා ගනිමින් ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් ශක්තිමත් කරන බවයි.

ජිවන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවට හිමිකම් ඔප්පු ලබාදිමේ වැඩසටහනක් දියත් කර තිබු බවත්, එම වැඩසටහන වත්මන් රජය මගින්ද සිදු කිරිම සම්බන්ධයෙන් රජයට සහය දක්වන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට ජිවන් තොණ්ඩමන් මහතා දියත් කල වැඩපිලිවෙල එලෙසම පවත්වාගෙන යන ලෙසත්, ඒ සදහා ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය රජය වෙත ලබාදෙන බවයි කනපති කනගරාජ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.



Recommended Articles