රෝහල්වල රෝගීන්ට තලපත් මාලු දීම ගැන කෝප් කමිටුවේදී අවධානය


රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුවිය.

මෙහිදී හෙළි වූයේ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය තලපත් මාලු ලබාදීමේදී ඒවා විදේශයන්ගෙන් ආනයනය කර ලබා දෙන බවයි.

මෙහිදී කෝප් කමිටුවට එක්ව සිටි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේ ඒ සඳහා තලපත් මාලුම ලබාදීම අවශ්‍යදැයි යන්නයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

 



Recommended Articles