රෝහල් උපකරණ ලබා ගැනීම ප්‍රමුඛතාව අනුව


අත්‍යවශ්‍යතාව නිවැරදිව තේරුම් ගෙන ප්‍රමුඛතාව මත රෝහල් සඳහා උපකරණ ලබා ගැනීමේ ක්‍රමවේදයක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය උපකරණ රෝහල්වලට ලබා ගැනීමට කටයුතු කිරීම මගින් සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය වියදම් අවම කරගත හැකි බවයි.

මෙහිදී ජීව වෛද්‍ය උපකරණ සඳහා වෙන් කරනු ලබන මුදල් කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් කරුණක් වන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය. 



Recommended Articles