රෙදිපිළි මිල සියයට 40කින් පහළට


පසුගිය අලුත් අවුරුද්දට සාපේක්ෂව  මෙවර අලුත්අවුරුදු සමයේ රෙදිපිළි මිල සියයට 40කින් පමණ  අඩුවි ඇති බැව් රෙදිපිළි හා  රෙදිපිළි උපාංග ආනයනකරුවන් පවසති.

කොවිඩි වසංගතයෙන් පසු ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර තත්වයට පත්වෙමින් පැවතිම, ඩොලරයේ මිල අඩුවිම, ආනයන සිමා ලිහිල් කිරිම වැනි හේතු නිසා රෙදිපිළි මිල අඩුවි ඇති බැව් රෙදිපිළි ආනයනයකරුවකු  මෙන්ම   ගාල්ල දිස්ත්‍රික් වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන හේමන්ත ගමගේ මහතා පවසයි.

පසුගිය අලුත් අවුරුද්දට වඩා මෙවර  රෙදිපිළි සදහා පාරිභෝගිකයින්ගේ ඉල්ලුම  විශාල වශයෙන් වැඩිවි ඇති බවද හෙමන්ත ගමගේ මහතා පවසයි. පාරිභෝගිකයින්ගේ මිලදි ගැනිමේ ශක්තිය වැඩිවි ඇති බව සදහන් කළ හේමන්ත ගමගේ මහතා  ඉන්දියාව,චිනය හා තායිලන්තය වැනි  රටවලින් වැඩි වශයෙන් මෙරටට රෙදිපිළි ආනයනය කරණු ලබන බවද හෙතෙම පවසයි.

 ආනයන සිමා ලිහිල් කිරිම නිසා රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය කිරිම සදහා ආනයනකරුවන් අතර ඇති තරගයත් සමග  රෙදි පිළි ආනයනයද වැඩිවි ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. මේ අතර  මෙම වර්ෂයේ ජනවාරි  මාසය තුල රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 463.6ක මුදලක් වැයවි ඇත. 2024 වර්ෂයේ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන  2847.1කි.

චන්දන සමරවික්‍රම

                   

 

 



Recommended Articles