රුහුණ විද්‍යා පීඨයේ RAT 64කින් 42ක් පොසිටිව්


ගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 42කට කොවිඩ් 19 ආසදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 64 දෙනකුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී තිබේ.

පරීක්ෂණයේ ප්‍රතිපල අද (21) සවස ලැබුණු බවත් අදාළ සිසුන් වෙන්ව රඳවා ගනිමින් ප්‍රතිකාර කරන බවත් සෞඛ්‍ය අංශ කියයි. මෙම විද්‍යා පීඨය ඉකුත් 18 දා නැවත ආරම්භ කරන ලදී.

රවීන්ද්‍ර ශ්‍රී ලාල්/චන්දන සමරවික්‍රම



Recommended Articles