රුසියානු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයා PCR පරීක්ෂණය සෘණාත්මකයි


මාතරදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මුලින් වාර්තා වූ රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයා සම්බන්ධයෙන් හම්බන්තොටදී කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු වෛරසයට සෘණාත්මක වී තිබේ.

පසුගිය 13 දා රුසියාවේ සිට මත්තලට පැමිණි මෙම ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් මාතර පොල්හේන්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු වෛරසයට ධනාත්මක වී තිබුණි.

එම ප්‍රතිඵල අනුව සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා එම හෝටලයේ කාර්ය මණ්ඩල සාමජිකයන් මෙන්ම නිවාඩු ලබා නිවෙස්වෙත ගිය හෝටලයේ කාර්ය මණ්ඩලයත් ඔවුන්ගේ පවුල්හි සාමාජිකයන්ද නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කළේය.

 



Recommended Articles