රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්


රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑපන් දහසක්  වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (06 )  පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 85,000 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම නොවැම්බර්  08     දා සිදු කිරීමට නියමිතයි.



Recommended Articles