රුපියල් මිලියන 120 000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා


රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක්   වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා  පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000  ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40  000 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි. මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතය.

ජේ .ඉඳුරුවගේ 



Recommended Articles