රුපියල් කෝටි දෙකක ස්වර්ණාභරණ තොගයක් කටුනායක දී අත් අඩංගුවට


පියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "
( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් 06/29 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි .මොහු සෑම  මාසයකම තුන් හතර වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වල යෙදුණු පුද්ගලයෙකි .

සාමාන්‍යයෙන්  ප්‍රංශය , එංගලන්තය , ජර්මනිය , රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් එතරම් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකරති . 

එහෙත් මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .

මොහු ඊයේ 06/29 දින රාත්‍රී 06.30 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 995 ක් බරැති  මාළ දෙකක් , අත් පළදනාවක් සහ මුද්දක් රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ නොකර ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Recommended Articles