රුපියල් දහසය කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් 02/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
ඇය 26 හැවිරිදි බොලීවියානු ජාතික තරුණියකි .
ඇය 02/28 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් එක් ගමන් මල්ලක් පමණක් රැගෙන විත් තිබූ අතර , ඒ තුළ ඇදුම් , රෙදිපිළි සහ බෑගයේ ඇතුළත වූ රෙදි වලින් නිම කර ඇති සාක්කු ඇතුළු කොටස් කොකේන් දියරයකින් පොගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර ගෙනැවිත් තිබේ .
මෙසේ රැගෙන විත් ඇති කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු පැවසීය .
මෙසේ කොකේන් මත්ද්‍රව්‍ය ද්‍රාවණය තුළ පොගවා ඇති රෙදිපිළි වලින් මෙම කොකේන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සදහා තවත් වෙනත් රසායනික ද්‍රව්‍යයක් යෙදී මෙන් පසුව මෙම ජාවාරම්කරුවන් , කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා සූක්ෂම ආකාරයට ඉවත් කර ගැනීමේ තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 600 ක් බර වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 230 ක් හෙවත් රුපියල් කෝටි විසි තුනකි.





කටුනායක - ටී.කේ.ජී. කපිල