රු.මි. 280000ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියක්


රුපියල් මිලියන 132,500 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් 12 දා 

රුපියල් මිලියන 147,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් 13 දා 

රුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක් වටිනා    භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක්    නොවැම්බර් 12 දා පැවත්වීමට සහ    රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් හත්  දහස් පන්සියයක්  වටිනා   භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්  නොවැම්බර් 13 දා පැවැත්වීමට  ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

මේ අනුව 12 දා    2028 මැයි 01 කල්පිරෙන   "බී"  කාණ්ඩයට අයත්  රුපියල්  මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා  2032 ඔක්තෝම්බර් 01  කල් පිරෙන "ඒ" කාණ්ඩයේ  රුපියල් මිලියන   47,500  ක් වශයෙන් රුපියල් ම්ලියන 132,500 ක   භාණ්ඩාගාර බැඳුම්කර   නිකුත්  කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

නොවැම්බර් 13 දා පැවත්වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 62,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක් වශයෙන් රුපියල් මිලියන 147,500 ක  භාණ්ඩාගාර බිල්පත්  වෙන්දේසි කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

(භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයකි.භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ  ( සංශෝධිත )ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි .)

ජේ. ඉඳුරුවගේ



Recommended Articles