රු. මි. 85 000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්


රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (9 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40 000  ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35 500 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.

මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 11 දා සිදු කිරීමට නියමිතය. මෙය මෙම මාසයේ දෙවන වරට සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.

ජේ ඉඳුරුවගේ



Recommended Articles