රු. මි. 173ක් රජය අහිමි කළ හැටි මෙන්න


විදේශ දූත මණ්ඩල පවතින රටවල් තුනක ගොඩනැගිලි නඩත්තු නොකිරීමෙන් රුපියල් දාහත් කෝටි තිස්පන් ලක්ෂ තිස්දහස් අටසිය හැත්තෑ පහක (රු.173,537,875) මුදලක් රජයට අහිමි වෙලා

විදේශ දූත මණ්ඩලය පවතින ශ්‍රී ලංකා රජයට අයත් ඔස්ට්‍රේලියාව, ස්වීඩනය හා කෙන්යාව වැනි රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි 25ක් පමණ පැවතියද, ඒවා නඩත්තු නොකර ඉකුත් (2023) වර්ෂයේදී නිල නිවාස කුලී වශයෙන් රුපියල් දාහත් කෝටි තිස්පන් ලක්ෂ තිස්හත්දහස් අටසිය හැත්තෑපහක (රු.173,537,875) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මෙම වත්කම් ප්‍රකාශන නඩත්තු නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් වගකිවයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මෙයට පිළිතුරු මෙම වර්ෂයේ දෙසැම්බර් මස 31වැනි දිනට පෙර ඉදිරිපත් කරන බවත්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙහි විගණන වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

චන්දන සමරවික්‍රම



Recommended Articles