රු. මි. 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්


රුපියල්  මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි 24 දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

මෙහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 45000 ක  භාණ්ඩාගාර බිල්පත් ද දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 45000 ක භාණ්ඩාගාර බිල්පත්ද දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 70000 ක  භාණ්ඩාගාර බිල්පත්ද නිකුත් කරන බව මහ බැංකුව පවසයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා මුදල් ගෙවීමේ කටයුතු ජූලි 26 දා සිදුකිරීමට නියමිතය.

ජයරත්න ඉඳුරුවගේ



Recommended Articles