රු. කෝටි දෙකක මුදල් ඇති කෙහෙළියගේ ගිණුම් දෙකක් සතියකට තහනම්


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ  නමින් බැංකු දෙකක පවත්වාගෙන යන ස්ථාවර හා ජංගම ගිණුම් දෙකක ඇති රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් ලබා ගැනීම හා අන් අයට පැවරීම වළක්වාලමින් අල්ලස් කොමිෂසම දින හතක කාලයක්ත සඳහා අදාළ බැංකු දෙකට හනම් නියෝග නිකුත් කොට ඇත.

අදාළ බැංකු දෙකේ තැන්පත් කොට ඇති මුදල් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කල්ල මහතා විසින්උපයා ගත් ආකාරය පිළිබඳව අල්ලස් කොමිසම ආරම්භ කොට ඇති විමර්ශනයකට අනුව අල්ලස්කො මිසම අදාළ බැංකු දෙකට එම තහනම් නියෝගය නිකුත් කොට ඇත.

පසුගිය රාජ්‍ය සමයේදී අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල් මගින් තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වා අදාල මුදල් වංචා කළ බවට කියන සිද්ධියක  සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ගල්ල මහතා මේ වන විට ඇප මත මුදාහැරුණු ලැබ සිටි.

බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කරන අතර කෙහෙළිය රඹුක්කැල්ල මහතා නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයා ගෙන ඇති බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවලට අනුව අල්ලස් පනත යටතේ වෙනමම විමර්ශන ආරම්භ කොට ඇත.

කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ නමින් බැංකු දෙකක ප්වත්වාගෙන යන ජංගම හා ස්ථාවර ගිණුම් දෙකක රුපියල් ලක්ෂ දෙසීයකට අධික මුදලක් තැන්පත් කොට ඇති බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව  එලෙස තැන්පත් කොට ඇති මුදල් කෙහෙළිය රඹුක්කැල්ල මහතා විසින් උපයා ගත් ආකාරය පිළිබඳව අල්ලස් කොමිසමේ නිලධාරී ව්මර්ෂනයක් ආරම්භ කොට ඇත.

එම විමර්ශනය අතරතුර බැංකුවල ඇති මුදල් වෙනත් අයෙකුට පැවරීමක් හෝ අන්සතු කිරීමක් කරනු ලැබුවහොත් ඉන් විමර්ශන වලට බාධාවක් විය හැකි හෙයින් අල්ලස් පනතේ ඇති නීතිමය ප්‍රතිපාදන මතක්ක් අදාළ බැංකු ගිණුම් තහනම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇති අතර අවශ්‍ය වුවහොත් අධිකරණ නියෝගයක් මගින් එම තහනම් නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවද අල්ලස් කොමිස්සමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලස් කොමිෂම මීට මාස දෙකකට පමණ පෙර කොළඹ මහාධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ ඔහුගේ බිරිඳගේ සහ දරුවන් ඇතුළු හය දෙනෙකුගේ නමින් බැංකුවල පවත්වාගෙන යන ස්ථාවර ගෙනුම් දාසයක ඇති රුපියල් ලක්ෂ 970 කට අධික මුදල් ආපසු ලබා ගැනීම අත්හිටවමින් මීට පෙර අවස්ථාවක කොළඹ මහා අධිකරණයේ නියෝග නිකුත් කර තිබිණි.

කෙහෙළිය රඹුක්කැල්ල මහතාට අමතරව එලෙස ගිණුම් අත්හිටුවා  ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, මහතාගේ බිරිඳ  වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලත්සි බණ්ඩාර දෙහිදෙණිය නමැත්තන්ගේ  නම්වලින්  පවත්වාගෙන යන බැංකු ගිණුම්  දාසයක කටයුතුයි.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ ුත්‍රයාවන රමිත් රඹුක්වැල්ල  මහතාගේ නමින් කොළඹ ප්‍රධාන පෙලෙ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි දාසයා මාරකට මිලදී ගෙන ඇති නිවාස දෙකක් පිටස්තර පුද්ගලයින්ට විකිණීම හෝ අන්සතු කිරීම වළකාලමින් මීට පෙර අවස්ථාවක කොළඹ මහාධිකරණයේ න් මාස තුනක කාලයකට තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.



Recommended Articles