රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 04/07 දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිව් දෙනා අතර කොළඹ ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ මාවතගම ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි පුද්ගලයෙකු , සිටින අතර , ඔවුන් 04/07 දින උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානා දෙකක සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 15 ක් තුල ''මැන්චෙස්ටර් " , ප්ලැටිනම්'' සහ " ගෝල්ඩ් ලීෆ් '' යන වර්ග වලට අයත් , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම දුම්වැටි තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගීන් සිව් දෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.