රු. කෝටි 5ක ජංගම දුරකතන හා සන්නිවේදන උපාංග තොගයක් අල්ලයි


රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු  12/20 දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා 12/20 දින අලුයම 12.30 ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .

එසේම තවත් කොළඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු 12/20 දින උදෑසන 09.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ  ජංගම දුරකථන 309 ක් , ටැබ් පරිගණක 08 ක් , ජංගම දුරකථන උපාංග  , ලැප්ටොප් 12 ක් , මැක් බුක් 02 ක් , අයි පෑඩ් 04 ක් , ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු 20 ක් ,  රවුටර් 05 ක් , ඉයර් බඩ්ස් 30 ක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Recommended Articles