රු. කෝටි 47 ක බදු පැහැර හැරි සමාගම් 6කට නඩු


රජයට අය විය යුතු රුපියල් කෝටි 47කට ආසන්න බදු මුදල් ගෙවීම් පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් 06කට එරෙහිව දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙබරවාරි මස අට වැනි දින නඩු පවරා ඇත.

2024  වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට එම වර්ෂයේ දෙසැ.31 වැනි දින දක්වා රජයට අය විය යුතු රුපියල් හතළිස් හය කෝටි අනූ හතර ලක්ෂ දහ නව දහස් තුන්සීය හැත්තෑ හතක(469,419,377) බදු මුදල් පැහැර හරින ලදැයි චෝදනා කරමින්  අදාළ සමාගම්වලට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එලෙස නඩු 06 ක් වෙන් වශයෙන් පවරා තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ  රථවාහන ගෙන්වන සමාගමකට ද  කැලණිය ප්‍රදේශයේ  කර්මාන්ත ශාලාවකට ද වැල්ලම්පිටිය ප්‍රදේශයේ  පිහිටි  වාහන නඩත්තු කිරීමේ ස්ථානයකට ද බණ්ඩාරවෙල පිහිටි මෙරටින්  එළවළු ආනායන කරන සමාගමකටද මෙලෙස  නඩු පවරා ඇත. අදාළ නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 09 දේශනශාලාවේ දී  පෙබරවාරි මස 14 වැනි දින කැඳවීමට නියමිත බව  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  විගණන නිලධාරියෙක් පැවසීය. 

චන්දන සමරවික්‍රම



Recommended Articles