රු. 1000ක අල්ලසක් ගන්න ගිය ත්‍රිරෝද රියදුරුට වැඩ වරදියි


කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කුරුඳුවත්ත  බෞද්ධාලෝක මාවතේ රථවාහන රාජකාරී යෙදී සිටියදී ත්‍රී රෝද රථයක් නවතා රථ වාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් ලබා ගැනීමට යාමේදී දඩපත්‍රයක් නිකුත් නොකරන ලෙසට පවසා රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු වලස් මුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් 38  හැවිරිදි  පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත භාරදීමට කටයුතු කර ඇත.



Recommended Articles