රිලා ගැටලුව විසඳීමට නියමු ව්‍යාපෘතියක් මාතලෙන්


රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යාකරණය  කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව ආගමික කටයුතු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගමගෙදර දිසානායක මහතා පවසයි.

දිසානායක මහතා මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ අද (11) වන දින පැවතිමාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින්ය.

මෙම නියම ව්‍යාපෘතිය  සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වෙන්කර ඇති අතර ඒ සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීම සිදු කරනු ලබන අතර ආරම්භ කරනු ලබන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාතලේ දිස්ත්‍රික්කය තුළින්  උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යාකරණ කටයුතු කර නැවත එම අල්ලා ගත් ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිතය.

මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි



Recommended Articles