රිලවුන් ඇතුළු සතුන්ගෙන් බෝග වලට සිදුවන හානි පාලයට විශේෂ ඒකකයක්


පොල් පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කානත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එහිදී බහුවිධ ක්‍ර මෝපායන් යොදාගෙන හානිකර සත්ව ගහණ ව්‍යාප්තිය පාලනයට හා බෝග වලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් එම අමාත්‍යාංශයේ පිහිටුවන ලදී.

එමෙන්ම මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමටද සැලසුම් කර තිබේ.මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ආයතන 15ක් පමණ සම්බන්ධ වී තිබේ.



Recommended Articles