හම්බන්තොට රියගම සෆාරි උද්‍යානයේ උපත ලබා තිබෙන සිංහ පැටවුන් හය දෙනා හෙට (12දා) සිට මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීමට නියමිතය.
මීට අමතරව මෙම සිංහ පැටවුන් 06 දෙනාට නම් තැබීමද අද දිනයේදී සිදුවන අතර මෙම සතුන් සඳහා නම් යෝජනා කිරීමට සත්ව උද්‍යාන දෙපර්තමේන්තුව ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි.
මීට මාස 03 කට පමණ පෙර රිදියගම සෆාරි උද්‍යානයේදී මෙම සිංහ පැටවුන් උපත ලබා තිබෙන අතර ජනතාව යෝජනා කළ නම්වලින් තෝරාගත් නම් මෙම සතුන් වෙනුවෙන් භාවිත කිරීමට නියමිතව තිබේ.