රිදියගම බෙංගාලි ව්‍යාඝ්‍රයා මියයාමේ අවසන් වාර්තාව ප්‍රමාදයි


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු රිදියගම සෆාරි උද්‍යානයයේ සිටියදී ඉකුත් වසර මුලදී විෂ ශරීර ගතවීමකින් බෙංගාලි ව්‍යාඝ්‍රයකු හදිසියේ මියයාම පිළිබඳ  විමර්ශන කටයුතු තවමත් අවසන් කර නැතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

 සෆාරි උද්‍යානයේ සිටි මෙම ව්‍යාඝ්‍රයාගේ මරණය පිළිබඳව 2023 ජුනි 02 දා  සිදුකළ මරණ පරීක්ෂණයේ වාර්තාව අනුව එම සත්වයා විෂ ශරීර ගතවීමකින් මරණයට පත්ව තිබූ බව විගණනයෙන් පෙන්වා දෙයි.

සෆාරි උද්‍යානයේ රැකවරණය යටතේ සිටි මෙම ව්‍යාඝ්‍රයා ස්වාභාවික නොවන මරණයකට ගොදුරුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවට විගණන කාර්යාලය නිර්දේශයක්ද ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් 2023 දී විමර්ශන කමිටුවක් පත්කළ බවත්  එම ව්‍යාඝ්‍රයාගේ පටක සාම්පල පිළිබඳව රස පරීක්ෂක වාර්තා මෙතෙක් නොලැබීම නිසා අවසන් විමර්ශන වාර්තාව ප්‍රමාදවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විගණන කාර්යාලට දැනුම් දී ඇත.

ජේ. ඉඳුරුවගේ



Recommended Articles