රාත්‍රියේ ගිනි ඇවිලුණු ඊශ්‍රායලය - ඉරානය විශාල වැරැද්දක් කළා - වන්දි ගෙවන්න සූදානම් වෙන්න


 

ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ(01දා) රාත්‍රී කාලයේදී එල්ල කළ ප්‍රහාරය සම්න්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් කර තිබේ.

ඒ අනුව ‘ඉරානය අද රාත්‍රියේ විශාල වැරැද්දක් කළා ,එයට වන්දි ගෙවන්න සූදානම් වෙන්න ’ යනුවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයේදී ඉරානය විසින් මිසයිල 180ක් පමණ එල්ල කළ බවත්, එයින් යම්කිසි ප්‍රමාණයක් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් විනාශ කළ බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත. 



Recommended Articles