රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබේ. එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවත්ය.
කෙසේ වෙතත් අද දිනයේදී බොහෝ ලංකා හා මහජන බැංකු ශාඛා වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි. එසේම ගුරුවරුන්ද එම සටනට සහාය දක්වමින් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.