රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්


රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර තිබේ.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කර ඇති අතර,  පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී ඇත. 



Recommended Articles