රාජ්‍ය ආයතන විකුණා දැමීම හෝ තබා ගැනීම පිළිබඳ රජයේ ස්ථාවරය මෙන්න


වත්මන් ආණ්ඩුව රාජ්‍ය ආයතන එකින් එක සලකා බලා පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය - ඔබතුමන්ලාගේ රජය පාඩු ලබන රාජ්‍ය ආයතන හෝ ලාභ ලබව රාජ්‍ය ආයතන මොනයම් ක්‍රමයකට හෝ පෞද්ගලීකරණය කරනවාද?

පිළිතුරු - එක්තරා කාලයකදී යම් අරමුණක් වෙනුවෙන් ආරම්භ කරපු ආයතන සියල්ලම එලෙසම කර ගහගෙන යන්න ඕනී කියන ස්ථාවරයේ අපි නැහැ.  ආයතනයෙන් ආයතනය සලකමින් පවත්වගෙන යා යුතුද නැද්ද කියන තීන්දුව ගන්න අපි සූදානම්. 

 



Recommended Articles