රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම් සහ දේශපාලන ක්‍රියාකාරිකයකු අල්ලස් දැලේ


රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු රුපියල් ලක්ෂ 15 ක  අල්ලස් මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන අතර පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මහවැලි බී කලාපයට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ජය මිනියාය වැවේ රොන් මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර වැලි විකිණීමේ ව්‍යාපෘතියක් සඳහා පැමිණිලිකරුට හිමි පුද්ගලික සමාගම නමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබා ගත යුතු බලපත්‍රය ලබාදීම සඳහා  අල්ලස් මුදල තුඩු පඬුරක් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කරඬිය නාරු  ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරකයකු වන ව්‍යාපාරිකයකු මඩකලපුව රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා එම අමාත්‍යවරයාගේ මඩකලපුව  පිහිටි කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව පරීක්ෂණ පවත්වයි.



Recommended Articles