රවී ජාතික ලැයිස්තුවෙන් යාම නිසා සිලින්ඩරයේ අර්බුදයක්


නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ආසන දෙකෙන් එකකට එම හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යෝජනා කිරීමෙන් එම පක්ෂය තුළ අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මේ  පිළිබඳව අදහස් දක්වා ඇති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර ඇත්තේ අදාළ ක්‍රියාවලිය තමන්ගේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව සිදුවූ ක්‍රියාවක් බවයි.

රවී කරුණානායක මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස යෝජනා කරමින් නව ප්‍රජාතන්ත්‍රාවීදී පෙරමුණේ පක්ෂ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබේ.

කෙසේ වෙතත් එම පත්කිරීම සිදු නොකරන ලෙස නව  ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට සම්බන්ධ පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

 



Recommended Articles